::::::::::GET SINGHALA::::::::::

Fulfilling its duty for the mankind......

අන්තිම නෞකාවට ගොඩවෙමු!

Latest Updates

මොකක්ද මේ 2600...?

Monday, March 29, 2010 , By Shrawaka දරුවෝ at Monday, March 29, 2010


මේ හාමුදුරුවරුන්ට වැරදිලාවත් ? 2550 අපි සැමරුවෙ මේ මෑතකදි නෙ. දැන් මේ හදිස්සියෙ 2600ක් ගැන කතා කරන්නේ......? 2550 ලෙස අපි සැමරුවෙ මොකක්ද, වගේම දැන් මේ කතාබහ මොකක්ද කියලා සැලකිලිත් නොවූ කෙනෙකුට ඔය ප්රශ්න මාලාව ඔය විදියටම ඇති වෙන්න පුළුවන්අපි කල්පනා කළා මේ ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට ලබා දෙන්න​.

මේ ශ්රී බුද්ධ වර් 2553. කිව්වේ තුන්ලෝකාග් වූ අපගේ භාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය කුසිනාරා නුවර උපවර්තන සල් උයනෙදි සිද්ධ වෙලා අවුරුදු 2553ක් ගතවෙලා. මතක ඇතිනෙ, මීට වසර තුනකට කලින් වෙසක් පෝය දවසෙ අපි උත්සවශ්රීයෙන් සැමරුවා '2550 - ශ්රී සම්බුද්ධ ජයන්තිය'.

බෞද්ධයන් වුනු අපටත්, ලෝකවාසී සියළු සත්වයින්ටත් අතිශය වැදගත් සිද්ධියක් සිද්ධ වුනා ඊටත් අවුරුදු 45කට කලින්. කිව්වේ ස්කන්ධ පරිනිර්වාණයට අවුරුදු 45කට කලින්. පෙරුම් පුරාගෙන පැමිණි අප මහා බෝසතානන් වහන්සේ ගයාවේ බෝමැඩ මුලදී මාර පරාජය කොට සම්මා සම්බුද්ධත්වයට පත්වුනා. අවිද්යා අන්ධකාරයට එරෙහිව ප්රඥාවේ නැණ පහන් දැල්වූවා. දුකින් පෙළෙන සතට ඉන් මිදීමේ මාර්ගය, ප්රතිපදාව පෙන්වා වදාළා. සහසක් ලෝක ධාතූන් කම්පා වුනා. අකණිට්ඨා බඹ ලොව දක්වාම දෙව් බඹුන් ප්රීති ඝෝෂා පැවැත්වුවා. සදාතනික ඝනාන්ධකාරයේ පවතින ලෝකන්න්තරික නිරය පවා මොහොතක් ආලෝකමත් වුනා. තුන්ලෝකයම බබළවමින් තවත් අසිරිමත් යුගයක ආරම්භය එසේ සනිටුහන් වුනා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් ඇරඹි අසිරිමත් යුගය වර් 2600ක් සපුරනවා. ව්යවහාරික වර්ෂයෙන් 2011 වෙසක් පෝය දවසට​. තමයි '2600 - ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය'.

'සම්බුද්ධ ජයන්තිය' හා 'සම්බුද්ධත්ව ජයන්තිය' අතර වෙනස දැන් ඔයාලට පැහැදිලි ඇතිනෙ. ඇත්තෙන්ම අපි මේ සම්බුද්ධත්ව ජයන්තිය මීට කලින් අහපු, සමරපු දෙයක් නෙවේ. ඒකයි බොහෝ අයට ඒක නුහුරට ඇහෙන්නේ. මේ සුන්දර සිතිවිල්ල මුලින්ම​ ඇතිවුනේ අපේ කාලයේ පහළ වූ උදාරතර මිනිසකුගේ පරම​ සුන්දර වූ හද මඬලක​. අප ගුරු දේවෝත්තම, පරම කළ්යාණමිත් පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ සිතේ තමයි මේ උදාර සිතිවිල්ල පහල වුනේ. ඒක සිද්ධ වුනේත් මහා පින්වන්ත භූමියකදී. ගයාවේ බෝමැඩ අසළදී. ඉතින් එදා ආකාරයට ඇතිවුන සිතිවිල්ල කෙමෙන් සමාජගත වුනා. දැන් අපි උදාරතර, අසිරිමත් නිමේෂයේ එළිපත්තට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ පණිවුඩය හැකිතාක් බෞද්ධ සමාජය තුළට ගෙනයන්න​. හුදු පණිවුඩයක් විදියට නම් නෙවේ. විධිමත්, අර්ථවත් වැඩපිළිවෙලක් ඔස්සේ. බුදුරජාණන් වහන්සේගේ පරම ගාම්භීර වූ සත්යවාදී ධර්මය සියළු ලෝ සත හට විවර කරන්නට මේක හොඳ අවස්ථාවක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 45ක් පුරාවටම ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් සිද්ධ කරන ලද්දේත් දේ මනෙ.

උතුම් දහම ගුරු තන්හි තබා, උතුම් දහමටම පුද සත්කාර කරමින්, ප්රශංසා කරමින් ඇරඹියා වූ මේ උතුම් වැඩපිළිවෙලේ මූලික පියවර අපි පසුගියදා ඔයාල හමුවට ගෙනාවා. තමයි බුදුන් වහන්සේගේ පිරිසිදු අකාලික ධර්මය අදටත් නිකැළැල්ව සුරක්ෂිතව පවතින් ත්රිපිටක පොත් වහන්සේලා බෞද්ධ සමාජය අතරට ගෙන යාම​. අයට මේ උතුම් දහම කියවන්න, දැනගන්න අවස්ථාවක් ලබා දීම​. මේ පොත් සරල සිංහලෙන්, අපි කාටත් තේරුම් ගන්න හැකි පරිදි දැන් මහමෙව්නාවෙන් නිකුත් වෙලා තියෙනවා. ඉතින් ධර්මයට ලැදි, පින් කැමති, මානව හිතකාමී ඔබටත් පුළුවනි මේ උත්තම වැඩ පිළිවෙලේ කොටස් කරුවන් වෙන්න​. මුදලින් විතරක් නෙවේ. ඔබේ දක්ෂතා, හැකියා, දැනුම වගේම තවත් බොහෝ ආකාර වලින්. ඊට සම්බන්ධ වෙන්න කැමති පින්වතුන්, පින්වතියන් පුළුවනි අප හා සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න​. - shrawakadaruwoo@gmail.com

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment